Osmocote 14:14:14 (Balance) 200g

Osmocote 14:14:14 (Balance) 200g

SKU: CF0021 Category:

Osmocote 14:14:14 නයිට්‍රජන් පොස්පරස් සහ පොටෑසියම් සමතුලිතව අඩංගු වන ක්‍රමිකව පෝෂක නිදහස් කරන කැට පොහොරකි. මාස තුනක් හතරක් මාධ්‍යයේ රඳා පවතින අතර පෝෂක නිදහස් කිරීම උෂ්ණත්වය මත පමණක් රඳාපවතී. අධික ජල සම්පාදනය නිසා අපතේ යෑමක් සිදුනොවේ. ශාකයට අවශ්‍ය පොහොර ප්‍රමාණය ආරක්ෂාකාරීව ලබාදෙයි.

භාවිතය සඳහා උපදෙස්

විසිතුරු ශාක, විසිතුරු මල් වර්ග සහ පලතුරු සඳහා පැළයකට ග්‍රෑම් දහයක් යොදන්න.

සමතුලිත පොහොරක් බැවින් ඕනෑම අවධියකට යෙදිය හැක.

ශාකයේ වර්ධන අවධියේදී ඔස්මකෝට් අධි නයිට්‍රිජන් සමගද මල් හටගන්නා අවධියේදී ඔස්මකොට් අධි පොටෑසියම් සමඟ ද මිශ්‍ර කර යොදා වැඩි ප්‍රතිඵල ලබාගත හැක.

මෙම සාමාන්‍ය පොහොර නිර්දේශය ශාකයේ වර්ධනයත් සමඟ වෙනස් කරගත යුතුය.

Weight 0.25 kg
0

TOP

X