Yara Mila Target 200g

Yara Mila Target 200g

SKU: CF0018 Category:

යාරාමිලා ටාගට්

YaraMila Target නයිට්‍රිජන් 14%, පොස්පරස් 14%, පොටෑසියම් 21% අඩංගු ලෙස යුරෝපීය තත්ව සහතිකයන් ට යටත් කර සමාගමේ අනර්ඝ නිෂ්පාදනයකි.
වැඩි පොටෑසියම් ප්‍රතිශතය තත්වයෙන් උසස් මල් ගෙඩි වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම සහතික කරයි.
බෝගන්විලා, රෝස, ඇන්තූරියම්, කපුරු ආදී සියලුම මල් සඳහා විශේෂයෙන් නිපදවා ඇති අතර කෙසෙල්, පැපොල් ඇතුළු පලතුරු බෝග සඳහාත් එළවළු සහ මිරිස් වැනි බෝගයන්හි මල් පිපෙන අවධියට ඉතා යෝග්‍ය සමබර පොහොරකි.
එමෙන්ම අර්තාපල්, මඤ්ඤොක්කා, ඉඟුරු ඇතුළු අල බෝගයන්හි වැඩි අස්වැන්නක් තහවුරු කරයි.

භාවිතය සඳහා උපදෙස්

මල් වගාව සඳහා

පැලයකට හෝ ගසකට ග්‍රෑම් 5ක් 10ක් සෑම සති දෙකකට වරක් යොදන්න.

එළවළු වගාව සඳහා

වැඩුණු ගස් සඳහා ග්‍රෑම් 15 සිට 50 දක්වා බෝගය අනුව වෙනස් විය යුතුය. සති 3-4 අතර යෙදීමෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැක.

පලතුරු වගාව සඳහා

පීදුණු ගස් හෝ පිදීමට ආසන්න අවධියේ දී 100g සිට ඉහළට මසකට වරක් යෙදීමෙන් ඉහළ ප්‍රතිඵල හිමිවේ.

මෙම සාමාන්‍ය පොහොර නිර්දේශය බෝගය, බෝගයේ වයස හා ප්‍රමාණය මත වෙනස්විය හැකිය.

Weight 0.220 kg
0

TOP

X